Saturday, March 31, 2018

Airdrops-මොනවද මේ එයාඩ්‍රොප්ස් කියන්නේ ?


මොනවද මේ Airdrops

අද මම පැහැදිලි කරන්න යන්නෙ මොනවද මේ Airdrop කියන්නෙ, අපි කොහොමද මේවගෙන් මුදල් උපයන්නෙ කියල. කෙටියෙන්ම කියනවනම් නොමිලේම Crypto Currencies හොයන්නෙ කොහොමද කියන එක ගැන තමයි කියලදෙන්න යන්නෙ. Airdrop එකක් කියන්නෙ අළුතින් බිහිවන Cryptocurrency ඔවුන්ගේ Free Tokens ලබා දීමයි. මේ නොමිලේ ලැබෙන Coins අපිට හම්බෙන්නෙ Tokens විදිහටයි. ඒ කියන්නෙ Coin එක Market එකට එන්න කලින් තියෙන්නෙ Token විදිහට. ගොඩක් වෙලාවට මේ Token එකම තමයි Coin එකේ නමත් එහෙම නැත්තන් සම්පූර්ණ Coin එකමත් වෙන්නෙ. ඒ සඳහා අප කල යුත්තේ එම සමාගම් මගින් අපට ලබාදෙන Task Complete කිරීමයි. කිසිම මූල්‍යමය අවධානමක් ගන්නෙ නැතිව පොඩ් පොඩි Task ටිකක් කරලා අලුතෙන් Market එකට එන්න නියමිත Coin වර්ග අපි හදාගත්ත wallet එකකට එකතු කරගන්න පුලුවන්. අපිට පුලුවන් ඒවා විකුනලා ප්‍රතිලාභයක් ගන්න.

AirDrops ලබාගැනීමට ප්‍රථමයෙන් අපට තිබියයුතු Accounts

Token ලබන්න සුදුසුකම් ලබන පිරිස Crypto Currencies ගැන යමක් දන්න අය වෙන්න ඕනේ. ඒ සඳහා හොද ඇක්ටිව් Facebook, Twitter, Telegram වගේ Social Media එකවුන්ට් වගේම  Bitcointalk Account එකක් සහ MyEtherWallet එකක් තියෙන්න ඕන. ඒ වගේම අලුතින් හදාගත්ත Email Address එකක් මේ සයිට් වල Account හදන්න පාවිච්චි කලොත් හොදයි.

මූලිකවම අපිට මේ Token හෝ Coins Store කරලා තියාගන්න Wallet එකක් හදාගන්න ඔනේ. ගොඩාක් වෙලාවට Release වෙන්නෙ Etherum based Coins.ඒ සඳහා තමයි  www.myetherwallet.com සයිට් එකේ Account එකක් නිවැරදිව හදාගන්න ඕනෙ. හදාගන්න හැටි බලන්න මෙතන Click කරන්න. වැදගත්ම දේ තමයි මේ ගිණුමට අදාල File සහ Private key එක කොහේහරි Store කරලා තියාගන්න. මේ ගිණුම හැදුවට පස්සෙ එන Account Number එක තමයි අපි හැමදෙටම භාවිතා කරන්නෙ.

තවත් වැදගත් වන ගිණුමක් තමයි Bitcoin talk කියන Forum එකේ Membership එක ලබාගෙන තිබීම.මේ Bitcointalk එකේ තමයි Crypto Currencies ගැන එන අලුත්ම News එන්නෙ. Bounty / Airdrops ගැන උනත් දැනගන්න ලැබෙන්නෙ මේ Site එකෙන්. අපි මේකේ නිකන්ම ගිණුමක් හදලා වැඩක්නෑ. Active Member කෙනෙක් වෙන්නත් ඕනේ. අපි මේකේ  දාන Post වලට අනුව මේ සයිට් එකේ Rank එකකුත් හම්බවෙනවා. ඉහල Rank එකකට ගියා කියන්නෙ Airdrops / Bounties වලින් හොද ආදායමක් ගන්න පුලුවන් කියන එකයි.  Bitcoin talk Account එකක් නිවැරදිව හදාගන්න හැටි බලන්න මෙතන Click කරන්න.

Telegram Account එකක් හදන එකත් මේකෙදි අත්‍යවශ්‍ය දෙයක් වෙනව. මොකද Airdrops කරන සයිට් එයාලගෙ Official Telegram Gruop එකට Join වෙලාද ඉන්නෙ කියලත් බලනවා මොකද ගොඩාක් News update කරන්නෙ මේ Telegram channels හරහායි.Smart Phone භාවිතාකරන අයටනම් Android Play store / Apple Store එකෙන්  Telegram ඇප් එක ඩවුන්ලෝඩ් කරල එකවුන්ට් එකක් හදාගන්න පුලුවන්.

මූලිකව අවශ්‍ය වෙන  Accounts ටික හදාගත්තට පස්සෙ අපි බලමු කොහොමද මේව Bounties / Airdrops වලට Use කරන්නෙ කියල. Bounties වලනම් එයලා අදාල පෝස්ට් එකේ දානවා මොනවද කරන්න ඔනේ වැඩ කියලත් ගොඩක් වෙලාවට කියන්නෙ එයාලගෙ ICO (Initial Coin Offering) ගැන Facebook, Twitter වගේ දේවල්වල ප්‍රචාරය කරන්න කියලා තමයි. Airdrops වලනම් සාමාන්‍යයෙන් කරන්න තියෙන්නෙ අපේ Accounts Details දාලා Form එකක් Fill කරන්නයි. Form එකක් නිවැරදිව Fill කරන හැටි බලන්න මෙතන Click කරන්න.

අලුතෙන් එන Airdrops / Bounties ගැන දැනුවත්වෙන්න අපිත් එක්ක එකතුවෙන්න අමතක කරන්න එපා..! 

Telegram Group:https://t.me/airdropslk

No comments:

Post a Comment